Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැල්ලවායටත් සුවසැරිය  

Add comments

රෝගීන් රැසකගේ ජීවිත අවදානමෙන් මුදා ගත් සුවසැරිය ගිලන් රථ සේවාව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. සුවසැරිය ගිලන්රථ බෙදා දීමේ තවත් වැඩසටහනක් වැල්ලවාය ප්‍රදේශයේදී  පැවැත්වුණා.

ඉන්දීය රජයේ මූල්‍යාධාර මත මීට වසර දෙකකට පෙර සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණා. බොහෝ පිරිසකගේ විරෝධතා මධ්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කෙරුණු මෙම සේවාවෙන් මේ වන විට බොහෝ දෙනාගේ ජීවිත සුවපත් කිරීමට හැකිව තිබෙනවා.  1990 හදිසි ඇමතුම් අංකයට ඇමතීමෙන් සුව සැරිය සේවාව ලබා ගත හැකියි.  එම සේවාව තවදුටත් ව්‍යාප්ත කරමින් සුවසැරි ගිලන්රථ භාර දීමේ වැඩසටහනක් වැල්ලවාය පොලිස් ස්ථානයෙයේදී පැවැත්වුණා.

මේ අතර සුවසැරිය ගිලන්රථ සේවාව පිළිබද ගම්මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින්  පැවැත්වුණා. හදිසි තාක්ෂණික වෛද්‍ය නිලධාරීන් ලහිරු කසුන්  මහතා මෙහිදී ජනතාව දැන්වත් කළ අතර ගිලන්රථ සේවාවේ සහාය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වුණා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG