
හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේගොඩ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (28) නොතීසි නිකුත් කළා. ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු තුනකට සාක්ෂි ලබාදීම සදහා. අඛණ්ඩව වසර තුනක් වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙනුයි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට චෝදනා එල්ලවී තිබෙන්නේ. ඒ අනුව ලබන නොවැම්බර් 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ධම්මික කිතුලේගොඩ මහතාට නොතීසි නිකුත් කළේ.
Post a Comment