අන්තර්ජාල පාලනය පිළිබඳව ඊජිප්තුව නව නීතියක් සම්මත කළා. ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසි ඊට අත්සන් කළ බවයි එරට වාර්තා තහවුරු කරන්නේ. මෙම නව නීතිය මඟින් ජාතික ආරක්ෂාවට හෝ ආර්ථීකයට තර්ජනයක් වන වෙබ් අඩවි අවහිර කළ හැකියි. එවැනි අවහිර කළ වෙබ් අඩවි වලට පිවිසෙන පුද්ගලයන්ට එරෙහිව දඩුවම් ලබාදිය හැකි බවයි ඊජිප්තු රජය පෙන්වා දෙන්නේ.රාජ්‍ය අස්ථාවරත්වය සහ ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීම මුලික අරමුණක්. එභෙත් ඊජිප්තු මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් එරට රජයට චෝදනා කරනවා. ඒ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනයට මෙමඟින් උත්සාහ දරන බව සඳහන් කරමින්. නව නීතිය සම්මත කිරිමට පෙර සිටම වෙබ් අඩවි 500කට වැඩි ප‍්‍රමාණයක් දැනටමත් තහනම් කර ඇති බවයි කයිරෝහි ක‍්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.
Post a Comment