කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු 1500ක් ලබාදීම අද (19) සිදුවනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි එය පැවැත්වෙන්නේ. කෑගල්ල නිදහස් මාවත පරිශ‍්‍රයේ දී උත්සවය පැවැත්වෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළා.
කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපාරික කවුළුව විවෘත කිරිම ද ඊට සමගාමිව සිදුවනවා. දෙණියාය, පස්ගොඩ ජනතාවට ද ඉඩම් ඔප්පු ලබාදීම ඊයේ (18) සිදුවුණා. බද්දේගම ප‍්‍රදේශයේ ජනතාව වෙන්වෙන් ඉඩම් ඔප්ප‍්‍රු ලබාදිම සිදුකෙරෙන්නේ අනිද්දා(21).
Post a Comment