වෙනිසුවේලා සංක්‍රමණිකයන්ට ඉක්වදෝරයට ඇතුළු වීම සදහා වන නීතී රීති දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. වලංගු ගුවන් ගමන් බලප්‍රතයක් නොමැතිව තම රටට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බවයි ඉක්වදෝරය පවසන්නේ. මේ හේතුවෙන් දහස් ගණනක් වෙනිසුවේලා ජාතිකයින් පේරු ,කොලොම්බිය හා චීලී යන රාජ්‍යයන්වල රැදී සිටිනවා. මීට පෙර ඔවුන් හැදුනුම්පත පමණක් භාවිත කර කොලොම්බියා දේශසීමාව හරහා ඉක්වදෝරයට ඇතුළු වුණා. වෙනිසුවේලාවේ ඇති වී තිබෙන උග්‍ර ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් දහස් ගණන් ජනතාව එරට අතහැර වෙනත් රටවලට සංක්‍රමණය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර්න්නේ.
Post a Comment