
නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු ළග තබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම ලබන මස 15 වනදා සිදු කිරීමට නියෝග කෙරුණා. විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයේ පෙනී නොසිටි නිසා නඩු විභාගය කල් තැබුනා. වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදු දේපල පනත යටතේයි ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. ලියාපදිංචි නොකළ ඇත්පැටවෙකු පොදු දේපලක් බව දැන දැනම එම ඇත් පැටවා කිරුළපන ඇලන් මැතිනියාරාමයේ තබා ගනිමින් මෙම වරදවල් සිදුකර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටිනවා.
Post a Comment