රුපියල් ලක්ෂ 40ක පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සමග ඉන්දීය ජාතික සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි සිට පැමිණි සැකකරු සිය ගමන් මලුවල බහා ඉතා සූක්ෂම ලෙසයි මෙම රන් භාණ්ඩ තොගය දිවයිනට රැගෙන විත් තිබෙන්නේ. රේගු නිලධාරීන් නොමග යවන ලෙස එම භාණ්ඩවල රිදී අලේප කර තිබූ බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවම්පිටිය මහතා ප්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් රණ්භාණ්ඩ තොගයේ බර කිලෝග්‍රෑම් 6.83 ක් වනවා.
Post a Comment