
හෙරොයින් සහ කේරළ ගංජා සමග සැකකරුවන් පස් දෙනෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලිස් දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළා.මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී මෝටර් රථයකින් හෙරොයින් සහ කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. ගිරාදුරුකෝට්ටේ පදිංචි පුද්ගලයෙකු මෙම ජාවාරම මෙහෙයවා ඇති බව හෙළිව තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන දෙදෙනෙකුද වන බව පොලීසිය ප්‍රකාශ කළා.
Post a Comment