Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව සේවා ස්ථානයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමේ තීරණයක්  

Add comments

ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නවසේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී තිබෙනවා.

එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ගගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ. තවද එම රෝහල් සදහා ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදනනතර කිරිමටත් රෝහල් අධ්‍යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේ දී පරිපාලන දක්ෂතාවලට ලකුණුලබාදීමේ දී මේ පිළීබදව අවධානය යොමු කිරිමටත් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති පළාත් සෞඛ්‍යඅමාත්‍ය සමුළුවේ දී මෙම උපදෙස් ලබාදෙන ලදි. පළාත් සභා රෝහල්වල වෛද්‍ය සහ හෙද හිඟය සදහා ස්ථාන මාරුවීම් ලබාදී තිබිය දි නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන නිලධාරින් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පළාත් සභා සෞඛ්‍ය බලධාරින් මෙහිදී පෙන්වා දෙන ලදි. ඒඅනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදෙන ලදි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල දිසා රෝහල මුලික රෝහලක් ලෙස පත් කරමින් සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය විය. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 485 කි. විදේශ ආයෝජනයක් මත රෝහල සංවර්ධනයකිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රේඛිය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් වලටඅමතරව පළාත් සභා යටතේ පවතින මුලික රෝහලකට සී.ටී ස්කැනර් යන්ත්‍රයක් ලබාදීමට ද මෙම සමුළුවේදී තීරණය විය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG