Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිනර පුර පසළොස්වක පෝය අදයි  

Add comments

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් පැවැත්වෙනවා.

කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනක මහා ප්‍රජාපති ගෝතමී දේවිය පැවිදි වීමත් සමඟයි. පසුව යසෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපතී ගෝතමිය වෙත පැමිණ පැවිදි භාවය ලබාගත්තා. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා ලෙස සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් වන්නේ ද බිනර පොහෝ දිනයේයි. බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

ITN සවනක් රැස් පොහෝදින සජීව වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ කඩවත සුනේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේ දීයි. පූජ්‍ය දියතලාවේ පියදස්සී ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය පණ්ඩිත සිවුරලමුල්ලේ විමලරතන ස්වාමීන් වහන්සේ සවනක් රැස් වැඩසටහනේ ධර්ම දේශන පැවැත්වූවා. ධර්ම සාකච්ඡා, භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දවසපුරා එම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර ITN FM ශාසනාලෝක වැඩසටහන ද කඩවත ශ්‍රී සුනේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙනවා. සාමනේර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීම ද මෙහිදී සිදුකෙරුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG