
ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ල හා යාපනය යන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ස්ථාපනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන විසි අටවනදා එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අපි වවලයි අපි කන්නේ වැඩසටහන යටතේ කෘෂිකාර්මික වගාකලාප ස්ථාපනය කිරීම අරමුණයි. ඒ ඒ ප්‍රදේශවල වගා කෙරෙන බෝග වර්ග හදුනාගනිමින් ඒ සදහා ප්‍රමුඛත්වය ලබා දී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ යටතේ ඇරඹෙන ප්‍රථම වගා කලාපය අඹවගා සංවර්ධන කලාපයයි. ඒ සදහා යාපනය සහ දඹුල්ල ප්‍රදේශ තෝරාගෙන තිබෙනවා. පළමු අදියර යටතේ දඹුල්ල ප්‍ර දේශයේ වගා කෙරෙන අඹපැල සංඛ්‍යාව දොළොස් දහස් පන්සීයයක් ගොවි ජනතාවගේ ජීවනෝපාය ඉහළ නංවමින් අමතර ආදායමක් උපයාගැනීම සදහා ද මේ ඔස්සේ අවස්ථාව පවතිනවා. අපනයන ආර්ථිකය ඉහළ නැංවීම ද මෙහි අරමුණක්.
Post a Comment