නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ පසුගියදා සිදු වූ බෝම්බ පිපිරීමකින් මිය ගිය සංඛ්‍යාව 68 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බලධාරීන් පැවසුවේ පසුගිය මාස කිහිපය තුළ සිදු වූ මාරාන්තික ප්‍රහාරවලින් එකක් බවයි. තුවාල ලැබූවන් සංඛ්‍යාව 165 ක් බවද සදහන්. පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ නගර්හර් ප්‍රාන්තයේ උද්ඝෝෂණයක් අතරතුරයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැහැ. දිගින් දිගටම මෙලෙස ප්‍රහාර එල්ල වූ අතර සිය ගණනකට වැඩි පිරිසක් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්විය. ඔක්තෝම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථානයේ මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Post a Comment