එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියාවේ විශේෂ නියෝජිතයා සහ ඉරාන , රුසියාව සහ තුර්කියේ නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබෙනවා.
නියෝජිතයින් පිරිස ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී සාකච්ඡා පැවැත්වුවා. සිරියාවේ දැනට පවතින තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම මෙහි අරමුණයි. සිරියාවේ ප්රචණ්ඩත්වය අවසන් කිරීමට සහ යුද්ධයෙන් විනාශ වූ සිරියාවේ මානුෂීය තත්ත්වය වැඩි දියුණු කිරීම සදහා මෙම රටවල් තුන වසරකට අධික කාලයක සිට සාකච්ඡා පවත්වනවා.
Post a Comment