උතුරු කොරියාව බිහි වී වසර හැත්තෑවක් සපිරීම නිමිත්තෙන් දැවැන්ත හමුදා සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
1948 වසරේ අද වැනි දිනෙකයි කොරියානු අර්ධද්වීපයෙන් වෙන්ව උතුරු කොරියාව බිහි වුණේ. සෑම වසරකම පවත්වන මෙම හමුදා සංදර්ශනයට අති නවීණ අවි ආයුධ හා යුධ තාක්ෂණික උපකරණ එක් කෙරෙනවා. බැලැස්ටික් මිසයිල, දිගු දුර මිසයිල වැනි මිසයිලයන්ද පසුගිය වසරවල සංදර්ශනයට එක් කර තිබුණා. කෙසේ නමුත් මෙවර සංදර්ශනයට ලොකයේ වැඩි අවදානයක් යොමව ඇත්තේ ඔවුන් නැවත න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම් සිදු කරන බව ප්‍රකාශ කිරීමත් සමගයි. උතුරු කොරියා නායකයාගේ සහ ඇමරිකා ජනාධිපතිවරයාගේ හමුවෙන් පසු පවත්වන පළමු සංදර්ශනය මෙය බැවින් න්‍යෂ්ටික අවි ආයුධ මේ සදහා ඉදිරිපත් නොකෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
Post a Comment