
ගවේෂණාත්මක වාර්තාකරණය සදහා තොරතුරු අයිතිය අවශ්‍ය බවත් ඉල්ලීම්වලට අදාල නිවැරදි තොරතුරු ලබාදීමට එම ආයතන බැදී සිටින බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පවසනවා.
සුදර්ශන ගුණවර්ධන – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතීඥ ජගත් ලියනාරච්චි , තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් යූ.පී.එල්. පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
තොරතුරු අයිතිය හා මාධ්‍යවේදියාගේ කාර්ය භාරය මැයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා. විද්වතුන් කිහිප දෙනෙකුම එහිදී අදහස් දැක්වූවා.
තිලකා ජයසුන්දර – අතිරේක ලේකම් – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
මේ අතර ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව විදේශ සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් සිවිල් සංවිධාන හා මහජන මත විමසුමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී ඊයේ පැවැත්වුණා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඉන්දීය තොරතුරු කොමසාරිස්වරයා මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූවා.
Post a Comment