Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්ත ක්‍රියාවක් සැලසුම් කළැයි ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප  

Add comments

ත්‍රස්ත ක්‍රියාවක් සැලසුම්කළ බවට සැක කරමින් ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර තිබෙනවා. මේ අනුව මෙහොමඩ් කමර් නිසාම්ඩීන් ඇප මත මුදා හැරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කළ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ශ්‍රී ලාංකික සිසුවා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසයේදීයි. ඒ මැල්කම් ටර්න්ඩුල් සහ ජූලි බිෂොප් වැනි ඕස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු ඔහු සතුව තිබූ සටහන් පොත්වල ඇතුළත්ව තිබූ බවට වන චෝදනාවකටයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG