Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුව ඇමැති ඉන්දියාවට  

Add comments

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර කළාපීය සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (02)පිටත්ව ගියේය.

හෙට (03) සිට ලබන (07) දින දක්වා මෙම සමුළුව පැවැත්වෙයි. මෙවර සමුළුවේ සභාපතිධූරය භාරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර ඇත. දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු සමුළුවට සහභාගි වෙති. මෙවර සමුළුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල කලාපීය අධ්‍යක්ෂධූරය සදහා සුදුස්සෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම ද පැවැත්වෙයි.

මේ වනවිට කළාපීයඅධ්‍යක්ෂ ධූරය හොඹවනු ලබන්නේ වෛද්‍ය පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මියයි. මෙවර සමුළුවේ දී මැලේරියාව, ක්ෂය රෝගය තුරන් කිරිම සහ ඖෂධ භාවිතය පිළිබද කරුණු ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හාදේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG