
ඇමරිකා ඩොලර් තොගයක් නීති විරෝධි ලෙස සිංගප්පූරුවට රැගෙන යාමට තැත් කළ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ලඟ තිබී ඇමරිකා ඩොලර් විසි එක් දහස් දෙසිය හතළිස් දෙකක් හමුවුණා.
ඔවුන් විවිධ රටවලින් ගුවන් මගින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන ව්‍යාපාරිකයන් බව තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඇමරිකා ඩොලර් තොගය රාජ සන්තක කිරිමට රේගුව පියවර ගත්තා.
Post a Comment