Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සහ කළැයි ට්‍රම්ප්ගෙන් චෝදනා  

Add comments

ඇමෙරිකාවේ කොංග්‍රස් සභා මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සාහ කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා එල්ල කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිවාරයට සමගාමීව පැවති රාජ්‍ය නායකයන්ගේ හමුවකට එක්වෙමින්.   ඇමෙරිකාවේ කොංග්‍රස් සභා මැතිවරණය ලබන නොවැම්බර් 06 වනදා පැවැත්වීමට නියමිතයි.

ඔහු කියා සිටියේ සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට චීනය  එකග නොවීම හේතුවෙන් මෙලෙස බලපෑම් එල්ල කිරීමට උත්සාහ දරණ බවයි. කෙසේ වෙතත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG