Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චන්දන ප්‍රසාද් 10 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට  

Add comments

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය ලබන මස 10 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ සම්බන්ධ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනුණා. එහිදී රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සැකකරුට වෙනත් නමකින් ව්‍යාජ විදෙස් ගමන්බලපත්‍රයක් සහ ව්‍යාජ හැදුනුම්පත් දෙකක් ලබාගැනීමට සහාය දුන් පුද්ගලයින් හදුනා ගෙන ඇති බවයි.

සැකකරුට මැලේසියාවට යාමට උපකාර කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කෙරෙනවා. ඒ සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීම සදහා මැලේසියා තානාපති කාර්යාලය වෙත අද පස්වරුවේ යාමට අදහස් කර සිටින බව ද රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළා. සැකකරු විදේශගතව සිටියදී ඔහුගේ බිරිද අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති නමුත් ඔහු අතුරුදන්ව සිටින බවට ව්‍යාජ පැමිණිල්ලක් සිදු කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ වුණා. එසේ ව්‍යාජ පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුගේ බිරිදට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පොලිස් නිලධාරීන් ප්‍රකාශ කලා.

පුද්ගලයන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබාදීමට නාවික හමුදාපති ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන රහස් පොලීසියට පැමිණීමට නියමිතව තිබුණා. ඔහු විදේශ ගත වී ඇති බැවින් ඉදිරි දිනක ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පැවසූ රහස් පොලීසිය  විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ආධාර අනුබල ලබා දුන් අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පවසා සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG