Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව ජීවත්වීමට නුසුදුස රටක්. ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි  

Add comments

ඉන්දියාවේ බිලියන එකයි දශම දෙකක දිළිඳු ජනතාවක් වෙනුවෙන් හඳුන්වා දුන් ආධාර් ක්‍රමය නිසා ඉන්දියාව ජීවත්වීමට නුසුදුසු රටක් බවට පත්වන බව අද එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අවධාරණය කෙරුණා. ඉන්දීය ජනතාවගෙන් බිලියන එකයි දශම දෙකකට හඳුනා ගැනීමේ පත්‍රයක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් රාජ්‍ය ආයතනවලදී බලවත් දුෂ්කරතාවන්ට ලක්වුණා. එරට ජනතාවගෙන් මිලියන 65 කට වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇති අතර තවත් මිලියන 200 කට පමණයි රියදුරු බලපත්‍ර තිබෙන්නේ. මේ නිසා විශ්‍රාම වැටුප,  ආහාර සළාක ඇතුළු රජයේ දීමනා, ශිෂ්‍යත්ව, ග්‍රාමීය ජනතාවට රැකියා ලබාදීම ගැටළු සහගත වී තිබුණා.

මේ හේතුවෙන් 2010 වසරේ දී කොංග්‍රස් පක්ෂ ආණ්ඩුව මෙම ආධාර කාඩ්පත් ක්‍රමය හදුන්වාදුන්නා. ඒ සදහා ජනතාවගේ බැංකු ගිණුම් පිළිබද සහ දුරකතන ඇමතුම් පිළිබද විස්තර ලබාගැනීම බරපතල විවේචනයට ලක්වුණා. එය පෞද්ගලිකත්වය පිළිබද අයිතිය උල්ලංඝනය කිරීමක් බව සදහන් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 30 ක් ඉදිරිපත් කෙරුණා. මෙම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ආධාර කාඩ්පත් ක්‍රමය සදහා ලබාගන්නා පෞද්ගලික තොරතුරු පිටතට යාම වැලැක්විය යුතු බවයි. අගවිනිසුරු දීපක් මිශ්‍රා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණුනා.

මෙම තත්ත්වය යටතේ ඉන්දියාව ජීවත්වීමට නොහැකි රටක් බවට පත්වන බවයි විනිසුරු චන්ද්‍රචූද් පවසා තිබුණේ. මෙම ක්‍රමයේ නීත්‍යානුකූලභාවය පිළිබද නිරීක්ෂණය කිරීමට ස්වාධීන අධිකරණයක් පිහිටුවීම යෝග්‍ය බව විනිසුරුවරුන් මෙහිදී පෙන්වා දුන්නා. ඉන්දියාවේ පෞද්ගලිකත්වය පිළිබඳ අයිතිය 2017 වසරේදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ජේ එස් කෙහාර් මූලික අයිතිවාසිකමක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද මෙවැනි තත්ත්වයක් පැවතීම ගැටලුකාරී බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG