
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් විසින් අත්තනෝමතික ලෙස මිලදී ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙන දෙහිවල මිහිදු මාවතේ ඉඩම සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලැබී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනුණා. යෝෂිත රාජපක්ෂ අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ ඔහු අධිකරණයෙන් අවසර ගෙන විදේශගතවීම හේතුවෙන්. ඩේසි ෆොරස්ට් මහත්මිය අධිකරණයේ පෙනී සිටියා.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අදාළ ඉඩම සම්බන්ධ තක්සේරු වාර්තාව ලැබී ඇති බව එම නිලධාරීන් ප්‍රකාශ කළා. ඉදිරි කටයුතු සදහා එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ බව ද ඔවුන් පැවසුවා. කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ජනවාරි 30 වනදා යළි කැදවීමට දින නියම කළා.
Post a Comment