Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් එයාර්ලයින් දූෂණ හා අක්‍රමිකතා : ලිපි ගොනු සම්බන්ධව නොදන්නේ නම් ඒවායේ භාරකාරත්වය කාගේද?  

Add comments

ශ්‍රී ලංකන් එයාර්ලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම් වල සිදු වී ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන්  සිදු කරන ජනාධිපති කොමිසම අද රැස්වුණා.

අද කොමිසම හමුවේ සාක්ෂි ලබා  දුන්නේ ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ මූල්‍ය කළමණාකරන ප්‍රධානී යසන්ත දිසානායක මහතායි. 2010 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ව්‍යාපාරික සැලැස්මක් සදහා සමාගමක් තෝරාපත් කර ගැනීම සදහා සාමාජිකයන් 05 දෙනෙකුගෙන් යුත්  කමිටුවක් සභාපති නිශාන්ත වික්‍රමසිංහ තෝරා පත් කළ බව දිසානායක මහතා ප්‍රකාශ කලා.

එම කමිටුව සදහා තෝරා පත් කර තිබුණේ,  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන නිහාල් ජයමාන්න, මනිලාල් ප්‍රනාන්දු සහ ආචාර්ය ක්‍රිස් නෝනිස් යන අයද ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන සහ මූල්‍ය කලමණාකරන ප්‍රධානී යසන්ත දිසානායක යන අයයි. සමාගම් 09 කින් සමාගම් 04 ක් තෝරාගෙන තිබූ බව ඔහු සදහන් කළා. මෙම සමාගම් තෝරාගැනීමේ අවසන් අදියරයේදී තමා සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝජ්  ගුණවර්ධන කටයුතු කළ බව  ඔහු කියා සිටියා.

එම තෝරාගැනීම සිදු කළ ක්‍රමවේදය පිළිබද කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ එම තෝරාගැනීම් සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් තමා සතුව නොමැති බවයි. ඒ පිළිබද ලියකියවිලි මනෝජ් ගුණවර්ධන මහතා ලග තිබිය හැකි බව ඔහු කියා සිටියා.

එම අවස්ථාවේදී කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විමසා සිටියේ අදාල ලිපි ගොනු සම්බන්ධව තමා නොදන්නේ නම් ඒවායේ භාරකාරත්වය පැවතියේ කා සතුවද යන්නයි. තවද මේ සදහා ලකුණු දීමේ පටිපාටියක් තිබුනේ නම් එය එම ලිපිගොනුවල ඇතුළත් විය යුතු බවත් එය එසේ නොවීම හේතුවෙන් එය අතුරුදන් වී ඇත්දැයි කොමිසමේ සභාපතිවරයා  සාක්ෂි කරුවන්ගෙන් විමසා සිටියා.

ඊයේ සාක්ෂි ලබා දුන් මනෝජ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම සමාගම් තෝරාගැනීම පිළිබද ලියකියවිලි යසන්ත දිසානායක මහතා ලඟ තීබිය හැකි බවයි. ජනාධීපති නීතීඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් නීල් උනම්බුව, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතීඥ ෆස්ලි රසීක් සහ රජයේ අධිනීතීඥ සජිත් බණ්ඩාර සමග පෙනී සිටිමින්  සාක්ෂි විභාගය සිදු කෙරුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG