
අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් රුපියල අවප්‍රමාණය වීමේ ගැටලුවට මුහුණ දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සිසුවියන් මහත් හරසරින් පිළිගත්තා. නව ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයා අතින් සිසු අයිතියට පැවරුනේ ඉන් පසුවයි. මහල් තුනකින් යුත් ගොඩනැගිල්ල සදහා වැය කළ මුදල රුපියල් මිලියන හතයි දශම හයක්. නව තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සාර්ථක පියවර රැසක් ගෙන ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයා,
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද මෙහිදී අදහස් පළ කළා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
Post a Comment