කටුනායක කොළඹ ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරනවා.
කඳාන කපුවත්ත හංදිය , කනත්ත ආසන්නයේ ප්‍රධාන ජලනලයක ජල කාන්දුවක් නිසා එය අලුත්වැඩියා කිරීම ඊට හේතුවයි. මේ හේතුවෙන් කොළඹ දෙසට ගමන් කරන එක් මංතීරුවක අවහිරතාවක් සිදුව තිබෙනවා. ඒ අනුව මෙම මාර්ගයේ එක් මංතීරුවක රථවාහන ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.
Post a Comment