ෆ්ලොරෙන්ස් සුළි කුණාටුව ඇමෙරිකාවේ කැරොලිනා වෙරළ තීරයට අද දිනයේ දී ළඟාවනු ඇතැයි එරට කාලගුණ අංශ පවසනවා.
උතුරු සහ දකුණු කැරොලිනා සහ වර්ජිනියා ප්රාන්තවල මිලියන 1.7කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ප්රාන්වලට මේ වනවිටත් අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. විදුලි බිදවැටීම් එකොළොස් දහසක් පමණ වාර්තා වී ඇති බවද සදහන්. සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 250 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.
Post a Comment