ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර පිහිටි ජාතික ඉන්ධන සංස්ථාවේ මූලස්ථානයට ආයුධ සන්නද්ධ පිරිසකගේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉන්ධන සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉන් ඉවත් කිරීමට ලිබියා හමුදා කණ්ඩායම් කටයුතු කර තිබෙනවා. එම ස්ථානයේ හමුදා කණ්ඩායම් සහ තුවක්කුකරුවන් අතර මේ වන විටත් වෙඩි හුවමාරුවක් සිදුවන බවයි වාර්තා වන්නේ. තුවක්කුකරුවන් කිහිප දෙනෙකු ඇතුළු තවත් පිරිසකටද වෙඩි වැදී ඇති බව සදහන්. මෙම තුවක්කුකරුවන් පිරිස කුමන සංවිධානයකට අයත් ද යන්න තවමත් සොයාගෙන නැහැ.
Post a Comment