ඉන්දියාවේ සංචාරයක නිරත කතානායක කරූ ජයසූරිය මහතා ප්රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස එරට අග්‍රාමාත්‍යවරයා හමුවුණා.
ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදී කතානායක කරූ ජයසූරිය මහතා ප්රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් එරට සංචාරයේ නිරතව සිටිනවා. එම පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡාවකද නිරතවුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සැලකිය යුතු කාලයක් වෙන් කරමින් මෙම සාකච්ඡාවට එළඹීම පිළිබද එරට මාධ්‍යයේ විශේෂ අවධානය ද යොමු වුණා. විපක්ෂ නායක ආර් සම්බන්ධන්, ගයන්ත කරුණාතිලක , නිමල් සිරිපාල ද සිල්වා , රවුෆ් හකීම් , මනෝගනේෂන් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත්.
Post a Comment