විශාල රත්‍රං මිශ්‍ර පාෂාණ දෙකක් බටහිර ඕස්ට්‍රේලියාවේ පතල්කරුවන් පිරිසක් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන ගණනකට අධික බවයි වාර්තා වන්නේ.
මෙම එක් පාෂාණයක බර කිලෝග්‍රෑම් 95 ක් වන අතර එහි රත්‍රං අවුන්ස 2400 ක තිබෙන බවයි එම පතල්කරුවන් පවසන්නේ. පසුගිය සතියේදී කල්ගූල්ලිහි ආසන්නයේ පතලක තිබී ඇමෙරිකා ඩොලර් මිලියන 15 ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ද සොයා ගැනුණා. එම පාෂාණ ඉදිරියේදී වෙන්දේසි කිරීමට තීරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Post a Comment