Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් මිහින් ලංකා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම රැස්වෙයි  

Add comments

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්,  ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම අද රැස්වුණා. අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ මහජන බැංකුවේ භාණ්ඩාගාර අංශයේ පසුතල සහකාර කළමනාකරු චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතායි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ දිෂ්නා වර්ණකුල මහත්මියට දැනුම් දුන්නේ රජයට තෝරාගත් මූල්‍ය ආයතන සදහා සෘජුව බැඳුම්කර නිකුත් කිරීමේ හැකියාවක් ඇති බවට නීතිමය ප්‍රතිපාදනයක් පවතින්නේ ද යන්න සොයා බලන ලෙසයි.

එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ වෙන්දේසියකදී ප්‍රාථමික වෙළෙඳපොල තුළ භාණ්ඩාගාර බැඳම්කර නිකුත් කරන බවයි. එයට පිළිතුරු වශයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරිය පැවසුවේ රජය විසින් මෙම බැඳුම්කර නිකුත්කර ඇත්තේ විශේෂිත අරමුණක් සදහා වන බවයි. එසේ වූ පමණින් නීත්‍යානුකූල යැයි අදහස් කළ නොහැකි බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. මේ අතර උපදේශක සේවා ලබා ගැනීමට අත්සන් කළ   ශ්‍රී ලංකන් – එයා කැපිටල් ගිවිසුම නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව සිදුකර ඇති බව ඊයේ කොමිසම හමුවේ හෙළි වුණා. එම ගිවිසුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය කොමිසම හමුවට ඉදිරිපත් කළා.

ඉන්ටවිස්ටා සමාගම එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් නොවන බවද කොමිසම හමුවේ හෙළි වුණා. මීට පෙර කොමිසම රැස්වූ අවස්ථාවකදී සදහන් කළ පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ව්‍යාපාරික සැකැස්මක් සකස් කිරීම සදහා ඇමෙරිකා ඩොලර් හාරලක්ෂ පනස්දහසක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වයා කැපලිටල් සමාගමට ගෙවා තිබූ බව ඇය ප්‍රකාශ කළා. එස් ඒ චන්ද්‍රසේකර මහතා සකස් කළ ව්‍යාපාරික සැලසුම වෙනුවෙන් මසකට රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් මාස තුනක් ගෙවා තිබෙන බවද ඇය සාක්ෂි දෙමින් කියා සිටියා. තවද තිරුකුමාර් මහත්මිය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ එස් ඒ චන්ද්‍රසේකර මහතා එම කාර්ය සදහා මුලින් පත්කර ඒ සදහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණේ පසුව බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG