රටේ පොදු ප්‍රවාහන සේවාවන් මගී ජනතාවගේ ප්‍රසාදයට හේතුවන සේවාවක් බවට පත්කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නංවමින් විධිමත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම පිළිබද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රටට හදුන්වාදීම වෙනුවෙන් 2016 වසරේදී ආරම්භ කරන ලද සහසර නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරියේදී වඩාත් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් දීප ව්‍යාප්තව නිර්මාණය කිරීම වෙනුවෙන් ලබාගත හැකි මග පෙන්වීම පිළිබද අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. එහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇත්තේ පොදු ප්‍රවාහන සේවය බල ගැන්වීම මගින් විකල්ප ප්‍රවාහන මාධ්‍ය වෙත යොමු වී සිටින මගීන් නැවත පොදු ප්‍රවාහන සේවය වෙත නැඹුරු කර ගැනීමේ අවශ්‍යතාවයි. එමගින් රටේ මාර්ග තදබදය අවම කිරීමත්, මගීන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීමත් ඇතුළු පොදු ප්‍රවාහනය මහජන හිතකාමී යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමේ පුළුල් වැඩපිලිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී ප්‍රවාහන ගැටලුව රටේ ආර්ථිකයකට දැඩි ලෙස බලපෑම් කරන අතර නිසි වේලාවට ගමන් බිමන් යාමට නොහැකි වීම, බස්රථ තුළ අධික තදබදය මෙන්ම මාර්ග තදබදය සහ විනයගරුක සේවාවක් නොලැබීම යන කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම බස් සේවකයන්ට වෘත්තීය ගරුත්වයක් නොලැබීම ද සාකච්ඡාවට ලක්වූ කරුණු අතර ප්‍රමුඛයි. මේ තත්ත්වය වෙනස් කරමින් වඩා කාර්යක්ෂම සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් රට තුළ ඇතිකිරීම පිළිබදව අද (13) පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.
Post a Comment