Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියානා ඇළට වැට බඳී  

Add comments

ජීවිත රැසක් බිලි ගත් මහියංගණය වියානා ඇළට වැටීම වැළැක්වීම සදහා මීටර් හාරදහස් හත්සිය පනහක දුරකට ආරක්ෂක වැටක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. පසුගිය කාලයේ අවස්ථා රැසකදීම වියානා ඇළට වාහන වැටීමෙන් ජිවිත රැසක් අහිමි වුණා. එමෙන්ම තවත් පිරිසක් තුවාල ලැබුවා. මෙම විනාශය වැළැක්වීම සදහා වහාම ආරක්ෂක වැටක් ඉදිකර ලෙසයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නියෝග කලේ. ඒ අනුවයි බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ ලොග්ගල් ඔය දෙපස හා වියානා ඇළ දෙපස රුපියල් මිලියන පනස් දෙකක වියදමින් යකඩ වැටක් ඉදි කෙරුණේ. මාර්ග සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. ආරක්ෂක වැට ඉදිකිරීමත් සමග මෙම ස්ථානයේ ආරක්ෂාව දැන් තහවුරු වී තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG