
උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
හැරවුමක ඇරඹුම සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. දෙහිඕවිට ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රි තුසිතා විජේමාන්න මහත්මියයි එය සංවිධාන කළේ. මාස හයක් තුළ රට පුරා සම්මන්ත්‍රණ 150ක් පැවැත්වීමට නියමිතයි. මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
Post a Comment