විශේෂ කැබිනට් මාධ්‍ය හමුවක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලේ දී පැවත්වුණා. එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ දී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කළා. ඒ අනුව ආරක්ෂක අංශ සමාජිකයෙකු කිසියම් වරදකට සම්බන්ධ වී ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවත්, ආරක්ෂක අංශ සමාජිකයින්ට එරෙහිව ඇති නඩු කඩිනම් කළ යුතු බවටත් මෙම කැබිනට් හමුවේදී සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වුණා. කැබිනට් හමුවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් පළකලා.
රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ,
Post a Comment