අයිටීඑන් ප්රවෘත්ති හා සියලුම වැඩසටහන් ජංගම දුරකතනය හරහා නැරඹිය හැකි නව මෘදුකාංගයක් හදුන්වාදීම අද සිදුකෙරුණා. අයිටීඑන් ශ්‍රී ලංකා මොබයිල් ඇප්, නිල වශයෙන් එළිදැක්වීම මෙහිදී සිදුවුණා. මේ හරහා අයිටීඑන් ප්රවෘත්ති භාෂා තුනෙන්ම නැරඹීමේ අවස්ථාව හිමිවනවා. එමෙන්ම අයිටීඑන් හි විකාශය වන සියලුම වැඩසටහන් ද මේ හරහා නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. මෙම අවස්ථාවට අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිළධාරීන් රැසක් සහභාගිවුණා.
Post a Comment