
රට තුළ පවතින නිෂ්පාදන සම්පත් හදුනාගෙන නිවැරදි භෞතික සැලැස්මකට අනුව කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර කථිකාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රජා සංසදයේ කැදවීමෙන් වත්මන් රජය ගෙන ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබද අදහස් යෝජනා චෝදනා පිළිබද සාකච්ඡාවට බදුන් කිරීම සදහා මෙම කථිකාව සංවිධාන කර තිබුණා. ඉදිරි මහ නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ සිදුවන දැවැන්ත සංවර්ධනය පිළිබද අමාත්‍යවරයා මෙහිදී කරුණු හෙළි කළා. අනතුරුව ජනතාව මුහුණ දී ඇති අභියෝග පිළිබදවද කථිකාවට ලක් වුණා. ජනතා නියෝජිතයින් සංගම් හා සංවිධාන නියෝජිතයින් ව්‍යාපාරිකයින් සහ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම කථිකාවට සහභාගී වුණා.
Post a Comment