
ව්‍යවසායකයින්ගේ ජයබිම බවට පත් වූ අයිටීඑන් ඇත් පවුර අභිමානවත් සුසේවාභිමානී සම්මානයෙන් පිදුම් ලැබුවා.
බස්නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් සමාජ සත්කාරක සතියේ රන් දා බිදු දිනය නිමිත්තෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණා. තලවතුගොඩදී මෙවර පැවැත්වුණේ අටවන සුසේවාභිමානී සම්මාන උළෙලයි. බස්නාහිර පළාතේ සමාජ සේවය වෙනුවෙන් දායකත්වය දක්වන සමාජ සංවිධාන ආයතන සමාජ ශෝධකයින් ඇතුළු පිරිස් ඇගයීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.
නව ව්‍යවසායකයින් බලගැන්වීම උදෙසා ඉටු කරන්නා වූ අගනා සේවය වෙනුවෙන් අභිමානවත් සුසේවාභිමානි සම්මානයෙන් පිදුම් ලැබීමට ස්වාධීන රූපවාහිනියේ ඇත් පවුර රියැලටි වැඩසටහන සමත් වුණා. ඊට අදාළ සම්මානය වැඩසටහනේ අධ්‍යක්ෂ ජනජීව වේහැල්ල මහතා වෙත පිරිනැමුණා.
අයිටීඑන් ඇත් පවුර වැඩසටහන රූපවාහිනී ව්‍යාපාරික වැඩසටහන් අතුරින් වැඩිම ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් වැඩසටහනක් බවට පත්ව තිබෙනවා. ව්‍යාපාරයක් පිළිබද සිහින දකිමින් සිටින නව ව්‍යවසායකයන්ට ප්‍රාග්ධන වෙළෙදපොළ නිර්මාණය කර දීම තුළින් සිහින සැබෑ කරදිම ඇත් පවුර හරහා සිදු කෙරෙනවා.
Post a Comment