Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රායෝගික පරීක්ෂණ ලිඛිත පරීක්ෂණයට කලින්  

Add comments

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ ලබන මස 03 වන සතියේ ආරම්භ කිරිමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මීට පෙර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ විභාගයෙන් පසුවයි පැවැත්වුණේ. එහිදි විභාග අපේක්ෂකයන්ගේ සහභාගිත්වය අඩුවීම හේතුවෙන් විභාගයට පෙර ප‍්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළා. විශේෂ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශපත‍්‍ර විදුහල්පතිවරුන් වෙත යොමු කරන බවයි සනත් පූජිත මහතා සදහන් කළේ. පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශ පත‍්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ඉදිරියේදි තැපැල් කිරිමටයි තීරණය කර තිබෙන්නෙ. එක් එක් විෂයන්ට අදාල ප‍්‍රායෝගික පරීක්ෂණ දින සහ වේලාවන් ඇතුළත් කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් ජනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG