
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය මගින් පරිනමන ඉහළම සම්මානය වන කමාන්ඩර් ඔෆ් ද ලිජන් ඔෆ් ඔනර් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ අනුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණේ හිටපු ජනාධිපතිනියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මාරින් මහතාගේ ප්‍රධානත්වයෙන් තානාපති නිල නිවසේ පැවති උත්සවයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත මෙම සම්මානය පිරිනැමුණා. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මාරින් මහතායි ප්‍රංශ ජනපති වෙනුවෙන් මෙම සම්මානය කුමාරතුංග මහත්මිය වෙත පිරිනැමුවේ. කතානායක කරූ ජයසූරිය මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහිදී අදහස් දැක් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග –
මම මුලින්ම ප්‍රංශ රජයට සහ එරට ජනාධිපතිතුමන්ට ස්තූතිවන්ත වනවා මේ ඉහළ පිළිගැනීම මට ලබාදීම පිළිබද. මේ සම්මානය ලැබීම ගැන මම පුදුමයට පත් වුණා. මම කවදාවත් මෙවැන්නක් බලාපොරොත්තු වුණේ නැහැ. ජනාධිපති ධුරයේ සිටින කාලයේදී මට ලැබුණු ගෞරව නාම පිළිගැනීම් පවා මම ප්‍රතික්ෂේප කළා. මම හැමවිටම සිතුවේ සාර්ථක ලෙස නිවැරදිව ආචාර්ය උපාධියක් ලබා ගැනීම ගැනයි. මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ ප්‍රංශයෙන්. ඒ වගේම බොහෝ දේ ඉගෙන ගත්තෙත් ප්‍රංශයෙන්. මේ නිසා ප්‍රංශය සහ මා අතර ඇති බැදීම ඉතා ඉහළයි. ලෝකයේ සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන සියලු දෙනා වෙනුවෙන් මට මේ ලැබුණු සම්මානය පුද කරන්න මම කැමතියි.
Post a Comment