
ඉතිහාසයේ පළමු වරට සවුදි අරාබියේ කාන්තාවන්ට ජාතික ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව හිමිවුණා. ඒ සවුදි අරාබි රජය යටතේ කි‍්‍රයාත්මක වන අල් සවුදියා රූපවාහිනි සේවයේ රාති‍්‍ර ප‍්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින්. පළමු වරට ජාතික ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරිම සදහා සවුදියේ නිවේදිකාවක් එක්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් විශාල පිරිසක් සවුදි අරාබියට ප‍්‍රශංසා කර තිබෙනවා.
එමෙන්ම නිවේදිකාව වූ විආමි අල් දකීල් ටද සුභ පැතුම් එක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සවුදි අරාබියේ ඔටුන්න හිමි හොහොමඩ් බින් සල්මාන් එරට ආර්ථික ප‍්‍රතිපත්තිය එළිදක්වා තිබෙනවා. ඒ 2030 වසර වන විට ළඟාකර ගත යුතු ඉලක්ක රැසක් යෝජනා කරමින්. ඒ අනුව සවුදි අරාබි ආර්ථික වැඩපිළිවෙලට කාන්තාවන් දායක කර ගැනීමේ වැඩසටහන් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එරට රජය නිවේදනය කළේ.
Post a Comment