Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝදිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම පාරිසරික ගෞරවය පිරිනමයි  

Add comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම පාරිසරික ගෞරවය පිරිනමා තිබෙනවා.

පරිසරය සුරැකීමට විශිෂ්ට ක්‍රියාමාර්ග ගත් පුද්ගලයින් සහ සංවිධාන 6 කට චැම්පියන්ස් ඔෆ් ද අර්ත් සම්මානය පිරිනමා තිබෙනවා. ජාත්‍යන්තර සූර්ය සංවිධානයේ නායකත්වයට සහ 2022 වසර වන විට ඉන්දියාවේ ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ඉවත් කිරීමේ පොරොන්දුව හේතුවෙන් මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇති බව සඳහන්. මෙම සම්මානය ලබා දීම සඳහා මූලිකව ම අවශ්‍ය වූයේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ඨ ක්‍රියාමාර්ග ගත් පිරිසටයි. මේ අතර ඉන්දියාවේ කෝචි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ භාවිත කරන තිරසර බලශක්තිය සම්බන්ධයෙන් ද සම්මානයක් හිමිව තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG