Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුරගමන්වල යෙදෙන මගීන්ගේ පහසුව සඳහා වෙබ් අඩවියක්  

Add comments

පුද්ගලික බස් රථවලින් කොළඹ සිට දුරගමන්වල යෙදෙන මගීන්ගේ පහසුව සදහා ජාතික ගමනාගමන කොමිසම වෙබ් අඩවියක් හදුන්වාදී තිබෙනවා.

www.ntcbooking.lk  යන මෙම වෙබ් අඩවියෙන් අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම් පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් මගීන්ට අවශ්‍ය ආසන වෙන්කර ගත හැකි බවයි.  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී මෙම වෙබ් අඩවිය ආරම්භ කෙරුණා. මෙම ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙලින් පුද්ගලික බස්රථවලින්  ගමන්  ගන්නා සෑම මගියෙකුටම අවම පිරිවැයෙන් සහ විශ්වාසයකින් යුතුව තමන්ගේ ගමන සැලසුම්කර ගැනීමට හැකි වනු ඇති. මෙසේ ආසන වෙන්කිරීමේදී  ප්‍රවේශ පත්‍ර ගාස්තුවට අමතරව රුපියල් තිහක මුදලක් අය කෙරෙනවා. තැරැව්කරුවන්ගෙන් සහ පුද්ගලික ආයතනවලට මුදල් ගෙවීමට වඩා මෙය මගීන්ට පහසුවනු ඇති බව ගමනාගමන කොමිසම පවසනවා. මෙම වැඩපිළිවෙළේ දෙවන අදියර යටතේ ඩිජිටල් කාඩ්පතක් මගින් මුදල් ගෙවා ආසන වෙන් කිරීමේ පහසුකම් ලබා දෙන බවද ගමනාගමන කොමිසම අවධාරණය කරනවා. මෙම ඔන්ලයින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  , අමාත්‍යාංශ ලේකම් ජී.එස් විතානගේ  , ජාතික ගමනාගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී හේමචන්ද්‍ර , යන මහත්වරුන් ඇතුළු නිලධාරීනී පිරිසක් සහභාගී වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG