උතුරු කොරියා නායක කිම් ජොං උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට උණුසුම් ලිපියක් යොමු කර තිබෙනවා. ඔවුන්ගේ ඓතිහාසික සමුළුවෙන් පසු පසුවිපරමක් ඉල්ලා සිටින බවයි ධවල මන්දිරය සදහන් කරන්නේ. උතුරු කොරියා නායකයා එහි සදහන් කර ඇත්තේ තමන් තවත් හමුවක් ඉදිරියේදී පැවැත්වීමට කැමැත්තෙන් සිටින බවයි. ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පැවසුවේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බව එම ලිපියේ සදහන් කරන බවයි.
පසුගිය ජුනි මාසයේදී සිංගප්පූරුවේ දී පැවති හමුවේදී න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ. දෙරටේ නායකයන් අතර නැවතත් හමුවක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇති බවයි. දශක කිහිපයකට පසුව ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාරක්ෂිත ප්‍රදේශවලට ඇතුළුවන ප්‍රභලම සුළිකුණාටුව හේතුවෙන් එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. කැරොලිනා වෙරළතීර ප්‍රදේශයේ මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කර යොමුකිරීමට පියවර ගත්තා.
ෆ්ලොරන්ස් ලෙස හැදින්වෙන මෙය බලපෑමට දින තුනකට පෙරයි කාලගුණ අංශ ජනතාවට අනතුරු අගවා තිබෙන්නේ. ෆ්ලොරන්ස් සුළි කුණාටුව මේ වන විට සිව්වන අවධියේ පවතින සුළිකුණාටුවක වන අතර පැයට කිලෝමීටර 220ක වේගයෙන් සුළං හමා යනවා. වේගවත් සුළං සමග තවදුරටත් ශක්තිමත්වෙමින් බ්‍රහස්පතින්දා දිනය වන විට කැරොලිනා ප්‍රාන්තයෙන් ගොඩබිම කරා ඇතුළු වන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී අධික වැසි ගංවතුර සහ සුළං තත්ත්වයක් ඉදිරියේදී පවතිනු ඇති බවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. උතුරු කැරොලිනා සහ වර්ජනියා යන ප්‍රාන්තලට මේ වන විටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Post a Comment