Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම මිචෙල් බැචලට් අගයයි  

Add comments

ශ්‍රී ලංකා රජය අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ඇගයීමට ලක්කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අමතමින් මහකොමසාරිස්වරිය මේ බව ප්‍රකාශ කළා. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා රජය විසින් අතුරුදන් තැනැත්තන් පිළිබද කාර්යාලය පිහිටවනු ලැබුවා. එහි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සදහා අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමේ කොමිෂන් සභාව ද ස්ථාපිත කෙරුණා. සංහිඳියා යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටිනවා.

එහි තවත් සුවිශේෂී පියවරක් ලෙසයි අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමේ කාර්යාලය පිහිටවනු ලැබුවේ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම මෙන්ම යුද්ධය සහ යුද්ධයෙන් පසු අතුරුදන්වීම් දහස් ගණනක් දිවයිනේ සෑම ප්‍රදේශයකම සිදුව තිබෙනවා. රාජපක්ෂ යුගයේ බල වියරුව නිසාම කළ පුද්ගල අතුරුදන් කිරීම් පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට හෙළිවෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මෙන්ම අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටුකිරීම ඇතුළු අරමුණු මුල්කර ගනිමිනුයි මෙම කාර්යාලයේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන්නේ.

අතුරුදන් වූ ඇතැම් පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ වනවිටත් කිසිදු පිළිතුරක් හිමිව නැහැ. එහෙත් මෙම කාර්යාලය යටතේ එම පවුල් වල සාමාජිකයන්ට සාර්ථක පිළිතුරක් ලබාදෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළා. හානි පූර්ණ කාර්යාලය පිහිටුවීම සදහා නීතිය ද සම්මත කර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG