උදා ගම්මාන ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන් ඉන්දීය රජය දෙවන වරටත් නිවාස ආධාර ලබා දුන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. බුලත්සිංහල පරගොඩ බටහිර ප්‍රදේශයේ ඉදිකළ නදී ජයගම උදා ගම්මානය ජනතා අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 121 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 33 කින් සමන්විත ගම්මානයේ ඉදිකිරීම් සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 304 ක්. පානීය ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම්වලින් නදී ජයගම සමන්විතයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
Post a Comment