Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු අවදානමින් පාසල් දරුවන් ආරක්ෂා කිරීමට සුවිශේෂ වැඩපිළිවෙළක්  

Add comments

2018-09-26 දින සිට 2018-10-02 දින දක්වා දිවයින පුරා ක්‍රියාවට නැංවෙන ජාතික මදුරු මර්දන සතියට සමගාමී ව ඩෙංගු රෝග අවදානමින් දරුවන් රැකගැනීම වෙනුවෙන් පාසල් මට්ටමින් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඊසාන දිග මෝසම් වැසි ආරම්භයත් සමග දිවයින පුරා නැවතත් ඩෙංගු රෝගය මතුවීමේ අවදානමක් පැන නැගී අතර, එම තත්වය අවම කරලීමත්, පාසල් දරුවන් ඩෙංගු අවදානමින් මුදවාගැනීමත් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ජාතික මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

ජාතික මදුරු මර්දන සතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ පාසල් දරුවන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන්, පළාත් හා කලාප කාර්යාල නිලධාරීන්, අධ්‍යාපන ආයතන ප්‍රධානීන් සහ මවුපියන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මේ වනවිටත් සියලු පළාත් ප්‍රධානීන් දැනුවත් කර අවසන්. එමෙන් ම ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම පිණිස ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට අමතර සියලු පාර්ශව සම්බන්ධ කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද, ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩ ව ක්‍රියාත්මක නොකරන පාසල්වල එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.

නිවෙස් තුළ මදුරු මර්දන කටයුතු සිදුකිරීම සහ තම පාසල මදුරුවන්ගෙන් තොර හොඳම පාසල බවට පත්කර ගැනීමේ වැදගත්කම පිළිබඳ දරුවන් දැනුවත් කිරීමට පළාත් කලාප මට්ටමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.

පාසල් තුළ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සැප්තැම්බර් මස 28 වැනි දින වෙන් කර තිබෙන අතර, මෙම සතිය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ඩෙංගු අවදානම සහිත හඳුනාගත් කලාපයන්හි සියලු පරිශ්‍රයන් පරීක්ෂා කිරීමට ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. මේ නිසා සියලු පාසල් තුළ ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීමට ද විදුහල්පතිවරුන් විසින් පියවර ගැනීමට නියමිතය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG