Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළට මැලේසියාවේ උපරිම සහය  

Add comments

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මැලේසියා අග‍්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී පැවැත්විණි.

මෙහි දී මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් ඉතා උනන්දුවකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ මහතීර් මොහොමඩ් මහතා ශ‍්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීම සඳහා ඕනෑම සහායක් ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.

මහනගර සංවර්ධන වැඩසටහන යටතේ පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමට ගෙනයන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බවට ද අග‍්‍රාමාත්‍යවරයා ජනපති හමුවේ සහතික විය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව මැලේසියාව කෙරෙහි දක්වන සුදශීලිත්වය ද මෙහි දී අග‍්‍රාමාත්‍යවරයාගේ දැඩි ඇගැයීමට ලක්විය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG