ආර්ථික වර්ධනයේ දී මානව අයිතිවාසිකම් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය බව එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ ජුවාන් පැබ්ලෝ මහතා පවසනවා. ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීමේ දී ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම්වලට සිදුවන බලපෑම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඒ මහතා පෙන්වා දෙනවා.
එදිනෙදා මූල්‍ය ගැටලුවලට විසදුමක් ලෙස ජනතාව ක්ෂූද්‍ර මූල්‍ය අංශයෙන් ණය ලබා ගැනීම සිදු කරන බවත්, ක්ෂූද්‍ර මූල්‍ය ආයතනවල සැගවුණු අරමුණුවලට හසුවි දිළිඳු ජනතාව බොහෝ ගැටලුවලින් පීඩා විඳින බවත් ඔහු පවසනවා. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා. බදු ගෙවීම් පැහැර හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවතුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවත්, එම හිඩැස පියවීමට කටයුතු කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා රජයට උපදෙස් ලබා දී තිබෙනවා. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව නව සංවර්ධන ගමන්මගකට යොමුවීම සම්බන්ධව ද ඔහු ප්‍රසංශා කළා. සංවර්ධන ව්‍යාපෘතිවලදී මානව අයිතිවාසිකම් තක්සේරු කිරීම පිළිබද නෛතික රාමුවක් පිළියෙළ කිරීම ශ්‍රී ලංකාවට යෝග්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ සඳහා අන්තර් ජාතික ප්‍රමිතීන් ආදළ කර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. වත්මන් රජය 2017 නොමවැම්බර් දෙවනදා මානව අයිතිවාසකම් ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සදහා 2017 – 2021 පස් අවුරුදු ජාතික සැලැස්මක් ලෙසයි මෙය සකස් වුණේ. මානව හිමිකම් ක්‍රියාකාරී සැළැස්ම අන්තර්ජාතික ඇගයීමටද ලක්වුණා. ශ්‍රි ලංකාවට තහනම් වූ ජීඑස් පී ප්ලස් සහනය, මත්ස්‍ය අපනයනය නැවත ලබාගැනීමට හැකිවූයේද රජය මානව හිමිකම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ නිසා. යහපාලන රජයේ ස්ථාවරය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළා.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂය දක්වා ණය කපා හැරීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ප්‍රකාශ කරන යෝජනා වත්මන් රජය සිය ආර්ථික සැලැස්ම තුළද යොදා ගෙන ඇති බව පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ යෝජනා අනුව වත්මන් රජය කටයුතු කරන බවයි මෙමගින් පැහැදිලිවන්නේ.
Post a Comment