Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා තුළ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ආරම්භ කිරිමට වැඩපිළිවෙළක්  

Add comments

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සදහා ජාන වලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතු වල පහසුකම් ඇති කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජානතාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

එම ඒකකය පිහිටුවිම පිළිබද යෝජනාව නව අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ඇමරිකාවේ මේ වන විට ක්‍රියාත්මකය. වසර 2030 වනවිට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මකවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. පිළිකා තත්ත්වයන් කළින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණය, බහු සාධක රෝග, මානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්, තැලසිමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සදහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව ඇත. තව ද අධිකරණ වෛද්‍ය කටයුතු සදහා ද මෙම වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් වෙයි. මෙමගින් රෝගී සත්කාර සේවා සදහා වැය වන පිරිවැය ඉතා අඩු වෙයි. වර්තමානය වන විට රට තුල ජාන රසායනාගාර 05 ක් ස්ථාපිත කර ඇත. එම රසායනාගාරවලට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාල සියලුම පහසුකම් වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරිම සදහා රුපියල්මිලියන 482 ක් වැයවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

ජානතාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදාරන ලද වෛද්‍යවරුන් 07 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සේවය කරයි. එම වෛද්‍යවරුන්ට ඇමරිකාවේ දී විශේෂ පුහුණුවක් ලබා දීමට දනියමිතව ඇත. මේ අතර ජාන තාක්ෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කිරිම සහ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබදව වෛද්‍යවරුන් පුහුණු කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. ඒ ඇමරිකාවේ හූස්ටන් වල වෙසෙන ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබද ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සමගිනි. එහිදී ශ්‍රී ලංකාවේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ප්‍රචලිතකිරිම සදහා සියලුම සහයෝගය ලබාදීමට ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු විය. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද එක්ව සිටියාය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG