
මරීනා මාස්ටර් චෙෆ් තරගාවලිය 2018 ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඔබ්බේගම ද්වීතීයික පාසල සමත් වුණා. ගෘහආර්ථික විද්‍යාව හදාරණ සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණා. පාසල් හත්සිය විස්සක් නියෝජනය කරමින් පාසල් දරුවන් දෙදහසකට වැඩි පිරිසක් ඊට සහභාගී වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂනය යටතේ මරීනා ෆුඩ්ස් පෞද්ගලික සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් තරගාවලිය පැවැත්වුණා. අනුශූරතාව දිනාගත්තේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයයි. සපුගස්කන්ද විශාඛා විද්‍යාලය තුන්වන ස්ථානය දිනාගත්තා. අවසන් වටයට තේරුණු පාසල් සදහා සහතිකපත් ප්‍රදානය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සදහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ අයිටීඑන් ආයතනයයි. මෙහි දෙවන අදියර ළගදීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
Post a Comment